ලංකාවේ ව්‍යවස්ථාවෙ වැරැද්ද මොකක්ද?

Share this...
  
  
      

මෙම ලිපියෙන් මම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක මූලික සංකල්පයක් වන බලය බෙදීමත්, ඒ මූලික සංකල්ප අනුසාරයෙන් ලංකාවෙ පවතින ක්‍රමයේ ඇති පරස්පරතාවයත් පැහැදිලි කිරීමට උත්සාහ කරමි.

බලයන් බෙදීමෙ සංකල්පය

පුරාණ රෝම අධිරාජ සමය වන විටත් ව්‍යවස්ථාදානය, විධායකය, සහ අධිකරණය යන ආයතන තුන අතර බලයන් බෙදා හැරීම යහපත් රාජ්‍ය පාලන ක්‍රමයක මූලික ලක්ශශණයක් බව දේහපාලන විද්‍යාරථීන් අතර පිලිගැනීම උනා. රෝමානු ජනරජය, අමෙරිකා එකසත් ජනපදය මෙම සංකල්පය මත ගොඩනංවන ලද මහා රාජ්‍යයන් සඳහා වන කදිම උදාහරන යුගලකි. මෙම බලයන් බෙදීමෙ ක්‍රමය මිිනිසාගෙ ප්‍රාථමික චෛතසික තත්ත්වයක් වන බලයට ඇති කෑදර බව සැම පුද්ගලයෙක් තුලම ඇති බව උප කල්පනය කරයි. මෙම බලයන් බෙදීමෙ සංකල්පය එවැනි පුද්ගලයන් අතරදී පවා රාජ්‍යය මනාව ක්‍රියාත්මක වීමට සුදුසු පරිපාලණ රාමුවක් ලබා දෙයි.

ඉතා සරලව ගතහොත් රටක් පාලනය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාදායකය, විධායකය, සහ අධිකරණය යන බලයන් එකිනෙකාට ස්වාධීනව ක්‍රියාත්මක වන විධායක ජනපති,පාාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතන තුනකට බෙදීම මෙහි මූලික හරයයි. පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකයෙ මූලික කටයුතු වන්නෙ …

  • රටට අවශ්‍ය නීතී සම්පාදනය
  • රජයෙ ප්‍රතිපත්ති ක්‍රියාත්ම්ක කිරීමට අවශ්‍ය මූදල් ප්‍රතිපාදන අනුමත කිරීම

විධායකය‌ෙ කාර්‍ර්‍යය වන්නෙ රටෙ ඉදිරි ගමනට අදාල ව්‍යාපෘති සහ එදිනෙදා කටයුතු ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීතිමය රාමුව තුල සහ පාර්ලිමෙන්තුව අනුමත ප්‍රතිපාදන භාවිත කොට පවත්වාගෙන යෑමයි. ජනාධිපතිවරයාට නව නීති පැනවීමට හො ඇති නීති ක්‍රිිිිිිිියාත්මක නොකර සිටීමට බලයක් නැත. නමුත් රටෙ පාලනයට අවශ්‍ය වන නීති හඳුනාගෙන ඒවා පාර්ලිමෙන්තුවට යෝජනා කිරීමෙ හැකියාව ජනාධිපතිවරයාට ඇත.

අධිකරණය මගින් වීධායකය‌ සහ මහජනතාව රටෙ නීතිය යහතින් පිලිපින බවට වග බලා ගනියි. නමුත් රාජ්‍ය ව්‍යුහයෙදී අධිකරණයෙ මූලිකම කෘත්‍යය වන්නෙ විධායකය‌ සහ ව්‍යවස්ථාදායකය අතර බල තුලනය පවත්වාගැනීමයි. රටෙ නව නීති සම්පාදනය කිරීමෙදි ව්‍යවස්තාදායකය හො විධායකය අනිසි ලෙස බලය තමන් වෙත ඇද ගැනීම වැලැක්වීමට අධිකරණයට ඇති හැකියාව හොඳ ව්‍යවස්ථාවක ලක්ෂණයකි.

ඉතින් ලංකාවෙ ව්‍යවස්ථාව‌ෙ ප්‍රශ්ණය කුමක්ද?

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව දෝෂ සහිත බව අපි කවුරුත් එකඟ වෙමු. නමුත් එහි ඇත්තටම ඇති වැරැද්ද කුමක්ද?

78 ව්‍යවස්ථාව

වත්මන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාව නිර්මාණය කරන ලද සන්දර්භය තේරුම් ගැනීම වැදගත්. 78 ව්‍යයවස්ථාව ව්‍යවස්ථාදායකයා යටතේ විධායක ශාඛාවේ බලය ඇති (අගමැතිවරයා රටේ විධායකයා ලෙස ක්‍රියා කරන)සාම්ප්‍රදායික වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් ඉවත් වීමේ පළමු උත්සාහයයි. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය එක්සත් රාජධානියේ හොඳින් ක්‍රියාත්මක වන්නේ පිරමීඩයේ මුදුනේ (රැජින) නීරපේක්ෂ බලයක් ඇති විධායකයෙක් සිටින නිසායි. එංගලන්තයේ රැජිනට ජාතිය කෙරෙහි ඇති නිරපේක්ෂ බලය එම ක්‍රමයේ බල තුලනය පවත්වා ගෙන යන මූලිකම යතුරයි. නිරපේක්ෂ රාජාණ්ඩුවෙකු නොමැතිව වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කළ රටවල් වල සැලකිය යුතු ආර්ථික හා සමාජ සංවර්ධනයක් අත්කර ගැනීමට අසමත් වී ඇති බව අපට නිරීක්ෂණය කරන්නට පුලුවන්.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන විට ඔහුගේ දර්ශනය නීවැරදි දිශාවට යොමු වි තිබුනත්, ඔහුට ව්‍යවස්ථාදායකය පාලණය කිරීමෙ අවශ්‍යතාවය වැදගත් වුනා. ඒ වගෙම නීති සම්පාදනයේදී සාම්ප්‍රදායිකව ප්‍රාදෙශිය දේශපාලන නායකයින් භුක්ති විඳි විධායක බලය යම් ප්‍රමාණයක් තබා ගැනීමටත් ඔහුට සිදු වුනා. මීට හේතු වුනෙ ජේආර් පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලකයන් යටත් විජිත යුගයේ රදළ පැලැන්තියේ සිට පැමිණි අය වීමයි. නව ව්‍යවස්ථාව මගින් ඔවුන්ගෙ සාම්පප්‍රදායික බලයට අත තැබීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය සහයෝගය නැති වීමට හතෙුවක් වෙන්න තිබුනා. ඒ සමගම ජේආර්ට විධායකයේ සහ පාර්ලිමේන්තුවේ බලය අවශ්‍ය තරම් තිබුන නිසා බලය බෙදීමෙ අවශ්‍යතාවයක් ඇති වුනෙ නෑ. ඊ ලඟ දශක හතර පුරා ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ක්‍රමයෙන් පිරිහීමට ඉඩ සලසා දුන් විශේෂාංග කිහිපයක් ඔහු හඳුන්වා දුන්නා.

රාජ්‍යයෙ බලයන් වෙන් කිරීම මූලික සංකල්පය ව්‍යවස්ථාගත අවශ්‍යතාවයක් නොවීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ප්‍රධාන අංගයක් වන්නේ “බලතල වෙන් කිරීම” හි මූලික මූලධර්මය ප්‍රාථමික නියෝගයක් ලෙස ව්‍යවස්ථාපනය නොවීමයි. මේ නිසා ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බලය හුවමාරැ කිරීමට පහසු දොරටුවක් ලබා දී ඇත. සමහර පසුපස අවස්ථා වලදී, නීති සම්පාදනය සහ විධායක ශාඛාව සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් අධිකරණය පවා අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනු දැකීමට පුලුවන්.

පාර්ලිමේන්තුවට ඕනෑවට වඩා විධායක බලතල තිබීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්‍ෂණයක් වන්නේ අමාත්‍යවරුන්
පාර්ලිමේන්තුවෙන් පත් කළ යුතු බවයි. මෙය ව්‍යවස්ථාදායකයා සහ විධායකය අතර වගකීම් අවුල් හා ව්‍යාකූල කිරීමකි. මේ නිසා නව නීති හඳුන්වා දෙන ඇමතිවරු පුළුල් නෛතික රාමු ස්ථාපිත කරනවාට වඩා විධායකයේ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ තබා ගනී.

මෙය අනෙක් අතට විධායකයට නීති සම්පාදන ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට ඉඩ විවර කරයි. මෙය ආකාර දෙකකින් සිදු වෙන්න පුලුවන්:

  • මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙසට ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ. මෙය ව්‍යවස්ථාදායකයා තුළ ජනාධිපතිවරයාට ශක්තිමත් හස්තයක් සපයයි. මේ නිසා පාර්ලිමේන්තුවට ඕනෑම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහ කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිව ඒවා සම්මත කර ගැනීමටත් ජනාධිපතිවරයාට හැකි වේ

මෙම ලිපියෙ ඉංග්‍රීසි සම්පූර්ණ ලිපිය පහත දිගුවෙන් ලබා ගන්න

1 comment

මා සිතූ දෙය මම සටහන් කළෙමි. ඔබගෙ අදහස මෙහි ලියන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.