දේවානිගෙ ගස

Share this...
  
  
      

දේවානිග මහත්මිය හරිද, වැරදිද, මේ ගස් හැර වෙන ගසක් තිබේද? වගේ ප්‍රශ්ණයගැන පෝස්ට් මිලියනයක් විතර ලිව්වනෙ. එහිදී හැමෝම කතා කරන්නෙ මේ සිදුවීම තනි සිදුවීමක් හැටියට සලකලා.

This is the tree that created all this contravercy

නමුත් මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දේවානිගෙ ගසේ නෙමෙයි. අද තනි ගහක් නිසා මිනිස්සු අතර මහා සද්දයක් ඇතිවෙලා තියෙන හේතුව තේරුම් ගන්න එකයි වැදගත්. එහෙම නැතුව මේ සද්දයත් මහා ඝෝශාවක් බවට පත් වෙලා, ඝෝෂාව රැල්ලක් උන දවසට ආයෙත් ආණ්ඩුවට අකුලගන්න වෙයි. එහෙම උන දවසට කට්ටිය මේ ගහ කපන එක නවත්තලා ඒක වටෙන් යන්න පාර හදලා, ගහවටේට රන් වැටක් හදලා දේශපාලකයෙක් දාලා සමරු පලකයක් හදයි.

මේ වගෙ රජයෙ තීරණ එකින් එක වෙනස් කරන්න වෙනකොට රජයේ ක්‍රෙඩිබිලිටි එකට මොකද වෙන්නෙ?

ආණ්ඩුවෙ ඉන්න අපේ මිත්‍රයින් ටික තේරුම් ගන්න ඕනෙ ගෝඨාභය රජයෙන් දිගින් දිගටම පරිසරය ගැන පෙන්වන නොසැලකිල්ල තමයි මිනිස්සු කෑ ගහන්න මූලික හේතුව. විශේශයෙන්ම පරිසරය ගැන කතා කරනකොට නම් රජයට ඒ පිලිබඳව හාංකාවිසියක අදහසක් නැති බවයි තේරෙන්නෙ. අනිත් රජයෙ ප්‍රතිපත්ති වල පරිසරයට මහ ලොකු තැනක් නැති බවය පහුගිය වසර එකහමාර දිහා බැලුවාම තේරෙන්නෙ.

උදාහරනයක් හැටියට, මිනිස්සුන්ට වවන්න ඉඩම් නෑ කියලා ඉඩම් රිලීස් කරන්න මේ රජයෙන් විවධ පියවර ගන්න බව පේනවා. මේ තීරණ වලට හේතුව මොන සමීක්ෂණ, පර්යේෂණ වල ප්‍රතිපල අනුවද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? දැනට අපේ රටෙ කෘමි ඉඩම් හෝ කර්මාන්ත සඳහා ඉඩම් හිඟයක් තියෙනවාද? දැනට ඇති ඉඩම් වල පලදායිතාවය උපරිම වශයෙන් ලබා ඇති බව සහතික කරන්න පුලුවන්ද?

රජය විසින් ඒ විදිහේ සුදුසු පාරසරික ප්‍රතිපත්තියක් හදලා, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සහ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා, පරිසර ආරක්ශාවට සුදුසු පියවර ගන්නවානම්, සහ එලෙස පියවර ගන්න බව මහජනතාවට පේනවානම්, දේවානිලා සීයක් කෑගැහැව්වත් ඒවා රැල්ලක් බවට හැරවෙන්නෙ නෑ.

මේ ලිපියට රාජ්‍ය පාරිසරික ප්‍රතිපත්තිය ගැන හොයන්න “සිංහලෙන්” ගූගල් කරාම. ඉහලින්ම යන්නෙ පහල තියෙන ප්‍රතිපලය. ලංකාවෙ පරිසර ප්‍රතිපත්තිය ගැන වෙනත් කතා අවශ්‍යද?

මා සිතූ දෙය මම සටහන් කළෙමි. ඔබගෙ අදහස මෙහි ලියන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.