අධ්‍යාපන ක්‍රමය කොහොම වෙනස් විය යුතුද?

Share this...
  
  
      
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නව ලෝකයට ගැලපෙන ආකරයා වෙනස් විය යුතු බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන විවිද පුද්ගලයන් අවිවාදයෙන් පිළිගන්න කරුණකි. නමුත් එය මොන ආකාරයෙන් වෙනස් විය යුතුද කියන කරුණ පිළිබඳව විවිද අදහස් පවතියි. මේ ලිපිය ලිය ඇත්තෙම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කෙලෙසක වෙනස් විය යුතුද කියන කරුණ පිළිබඳව මගේ අදහසයි.

මූලික අවශ්‍යතා

  1. පුද්ගලික අධ්‍යාපනය නියාමනය කිරීම
  2. අධ්‍යාපනයේ ආගමික, වාර්ගික, සහ ලිංග බේදය ඉවත් කිරීම
  3. සියලු ම පුරවැසියන්ට මූලික අධ්‍යාපනය සහතික කිරීම
  4.  සියලු ම පුරවැසියන්ට තමන් කැමති දිවියිතික සහ උසස් අධ්‍යාපනය
  5. ගුරු වෘත්තියට තරඟ කාරි වැටුපක් සහ වෘත්තිකයන්ගේ ප්‍රමිතිය
  6. නිත්‍ය විශය නිර්දේශ  පුණරාවර්තනය
  7. පුද්ගලාරෝපිත අධ්‍යාපන ප්‍රතිලාභ සමාජාරෝපිත ප්‍රතිලාභ බවට වෙනත් කිරීම

පුද්ගලික සහ රාජ්‍ය අධ්‍යාපනය නියාමනය කිරීම 

අධයාපන  ප්‍රතිසංස්කරණ තුලින් දැනට රාජය පාලනය තුළ නැති සියලු ම අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණ ට ලක් කරන ක්‍රමවේදයක් ඇති කල යුතු ය. උසස් අධ්යාපනය නියාමනය කිරීමට දැනට ඇති විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම වැනි ආයතනයක් බලවත් කල හැකි අතර පාසල් අධ්‍යාපනය නියාමනය කිරීමට යම් ආකාරයක නියාමන ආයතනයක් ඇති කල යුතුය. මේ සඳහා අපි ජාතික අධ්‍යාපන කොමිසන් සභාවක් පත් කල යුතු බවට යෝජනා කර සිටිමු.

පාසල් අධ්‍යාපනය 

  1.  සියලු රජයේ සහ පුද්ගලික අංශයේ පාසල් අධ්‍යාපන නියාමන  කොමිසම ලියාපදිංචි කල යුතුයි.
  2.  එම කොමිසම විවිධාකාර වු අධයාපන තත්ත්ව පරීක්ශන ක්‍රමවේද ඇති කොට සියලු ම ආයතන (රජය සහ පුද්ගලික) එම ක්‍රමවේද වලට අනුගත වන බවට සහතික කල යුතුයි.
  3. රජයේ ආයතන වලට එම මූලික තත්වය පවත්වා ගෙන යෑමට අවශ්‍ය මුල් ය ප්‍රතිපාදන සපයන ලෙසට රජයට විධානය කිරීමේ හැකියාව එම කොමිසම සතු විය යුතුයි.
  4. පුද්ගලික (ලාභ ලබන සහ නො ලබන) ආයතන රජයට බරක් නොවන ලෙස කටයුතු කරන බව සහතික කළ යුතුයි.
  5. පාසල් වල උගන්වන විශය නිර්දේශ (ජාතික සහ අන්තර්ජාතික) මේ ආයතනය මගින් අනුමත කල යුතු අතර රටට අවශ්‍ය වන ආකාරයට (උදාහරණයක්: භාශාව, ආගම, පරිසරය, සමාජ ක්‍රමය, දේශපාලන විද්‍යාව) රටේ සන්දර්භයට අනුව වෙනස් කිරීමට අවශ්‍ය විධිවිධාන සහ උපදෙස් ලබා දිය යුතුයි

විශ්ව විද්‍යාල අධ්‍යාපනය 

රට තුළ ක්‍රියාත්මක වන සියලු උපාධි සහ ඩිප්ලෝමා (වෘත්තීය අධ්‍යාපනික නොවන) ප්‍රධාන කරන ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි ආයතනයක් මගින් නියාමනය කල යුතුයි. ඒ මගින් පහත සඳහන් විවිධ කාරණා නියාමනය විය යුතුයි
  1.  සියලු ආයතන  සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය, නියමිත තත්ත්ව පරීක්ෂණ ක්‍රමයක් ඇති ව, මෙම නියාමනය කරන ආයතනය සමග ලියාපදිංචි කල යුතුයි.
  2. එම ආයතන වලට ශිෂ්‍යයින් බඳවා ගැනීම අදාළ ආයතනයට බලය ලබා දිය යුතුයි. දැනට පවතින මධ්‍යගත ශිෂ්‍ය බඳවා ගැනීමේ ක්‍රමය ඉවත් විය යුතුයි. (අධ්‍යාපනයෙ සමාජ සමානතාව සහ නිදහස සඳහා වන විධිවිධාන වලට යටත් ව)
  3. සියලුම ආයතනවලින් පවත්වන පාඨමාලා සංයුතිය, ක්‍රමවේදය සහ ප්‍රධාන කරන සහතිකය,  මෙම ආයතයතන මගින්, නියාමනය සහ වර්ගීකරණය කල යුතුයි
  4. ආයතන, ශිෂ්‍යයාට පොරොන්දු වූ තත්ත්වයෙ අධ්‍යාපනයක් (අදාළ සහතිකය සඳහා වන මූලික සුදුසුකම්ලබා දෙන බවට) අවශ්‍ය තත්ත්ව පරීක්ෂණයක් කිරීමට මෙම ආයතනයට බලය තිබිය යුතුයි
  5. විවිධ අධ්‍යාපන දහරා (උදාහරණ, වෛද්‍ය, ඉංජිනේරු, පර්යේෂණ ) වලට අවශ්‍ය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල, විවිධ පහසුකම් (උදාහරණ : විද්‍යාගාර, පුස්තකාල, පෙර පර්යේෂණ වලට පිවිසුම්) සඳහා වන මූලික අවශ්‍යතා නිර්ණායකය කිරීමත්, එලෙස කරන නිර්ණායක මනාව පවතින බවට සහතික කිරීමත් මෙම ආයතනය මගින් සිදු කල යුතුයි
  6. විශ්ව විද්‍යාලයෙන් එලියට එන පුද්ගලයින්ට වෘත්තීය දැනුමක් ලබා දිමට අවශ්‍ය වෘත්තීය පුහුණුව අනාගත සේවායෝජකයන්ගෙ වගකීමක් බවට පත් කල යුතුයි. උදාහරණයක් හැටියට, විශ්ව විද්‍යාලයේ දී පරිගණක විද්‍යාව ඉගැන්වීමට මූලිකත්වය ලබා දිය යුතුයි. නමුත් විශ්ව විද්‍යාලයට සමගාමීව හෝ පසුව පරිගණක භාෂා සහ වැඩසටහන් සම්පාදනය සඳහා වන වෘත්තීය පුහුණු පාඨමාලා ඇති විය යුතුයි.

අධ්‍යාපනයේ ආගමිකවාර්ගිකසහ ස්ත්‍රී-පුරුෂ භේදය ඉවත් කිරීම 

  1. රජය විසින් පවත්වා ගෙන යන සියලු පාසල් වල ඇති යම්, ආගමක්, භාෂාවක්, හෝ ස්ත්‍රී පුරුෂ ලෙස ඇති වෙනස් කම් ඉවත් කල යුතුයි 
  2. එලෙස විශේෂීකරණය වෙළඳපළ අවශ්‍යතාවක් නම්ඒ සඳහා පුද්ගලික පාසල් ඇති කිරීමට අවසර ලබා දිය හැක 
  3. මූලික අධ්‍යාපනය තුල දී මවු බස සහ දෙවන බසක් (ඉංග්‍රීසිදෙමළප්‍රංශ, මැන්ඩරින්)  අනිවාර්ය කල හැක 
  4. ද්විතීයික අධ්‍යාපනය සංයුක්ත කර මධ්‍යගත කිරීම නිසා, විවිධ භාශා වලින් අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය සම්පත් මධ්‍ය කරණය කොට හොඳ උපයෝගීතාවක් ලබා ගත් හැක
  5. පාසල් තුළභාෂාව ආගම් මත බෙදීම නැවතිය යුතු යවිවිධ භාෂාආගම් භාවිතය සහ ඉගැන්වීම් එක් පන්තියක ඇති elective , ක්‍රමයක් වැනි ආකාරයකින් ඉගැන්වීම් කල යුතුයි.  ජාතීන් අතර සහයෝගිතාවයි වර්ධනය වීමට මෙය විශාල අනුබලයක් වනු ඇත 

සියලු ම පුරවැසියන්ට මූලික අධ්‍යාපනය සහතික කිරී

  • සියලු පුරවැසියන්ට ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා දීම සහතික කල යුතුයි 
  • පරිගණක ගත කරන ලද ජාතික ශිෂ්‍ය  රෙජිස්තරයක් මගින් සෑම සිසුවකු ම අවම අධ්‍යාපනයක් ලබන බවට සහතික කරන ක්‍රමවේදයක් භාවිත කල යුතුයි
  • මෙහි දී රජය මගින් අනුමත කරන ලද විශය නිර්දේශ (උදා. IBE, ජාතික විශය නිර්දේශය) අතර මාරු වීමට අවශ්‍ය ක්‍රමවේදයක් සම්පාදනය කල යුතුයි. මේ මගින් සිසුන් රජයේ හා පුද්ගලික අංශයේ පාසල් අතර හුවමාරු වීමට ඇති හැකියාව සහතික කල යුතුයි
  • සුදුසු අධයාපන භාශා ප්‍රතිපත්තියක් මගින් තම මවු බස සහ තවත් භාෂාවක හසලයෙකු වීමේ කමවේදයක් ඇති කල ය යුතුයි.  මේ මගින් භාෂා භේදයකින් තොරව අවශ්‍ය විශයානුබද්ධ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සහතික කල යුතුයි

ප්‍රාථමික අධ්‍යාපනය

  • සියලු ම ප්‍රාථමික අධ්‍යාපන පාසල් වෙනම දෙපාර්තමේන්තුවක් යටතෙ නියාමනය විය යුතුයි.  
  • අදාළ ප්‍රාථමික අධ්‍යාපන ආයතනය හා සබැඳි ද්විතීයික අධ්‍යාපන ආයතන නොමැති විය යුතුයි. 
  • සියලු සිසුන්ගෙ ප්‍රාථමික අධ්‍යාපන වර්ධනයෙ දීර්ඝ කාලීන සටහන් තැබීමෙ ක්‍රමවේදයක් තිබිය යුතුයි 
  • ප්‍රාථමික අධ්‍යාපනය අවසානයෙ, ශිෂ්‍ය වර්ධන සටහන් සහ තරගකාරී නොවන විභාගයකින් සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හඳුනා ගැනීමත් සහ වර්ගීකරණ ක්‍රමවේදයක් ඇති විය යුතුයි.
  • එම කුසලතා මත පදනම්ව, සියලු සිසුන්, අයදුම්පත් ක්‍රමයක් හරහා ද්විතීයික අධ්‍යාපන ආයතන සඳහා යොමු කල යුතුයි 
  • ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සිසුන් නිශ්චිත කිලෝමීටර ගණනාවක්/හෝ කාලයක් ගමන් කිරීම තහනම් කරන අතුරු නීති පද්ධතියක්, තාවකාලික පදනමක් යටතට ඇති කල යුතුයි 

ද්විතීයික අධ්‍යාපනය 

  • රටෙ සෑම සිසුවෙකුට යම් නිශ්චිත දුර ප්‍රමාණයක් තුල ලඟාවිය හැකි ද්විතික අධ්‍යාපන ආයතනයක් තිබිය යුතුයි. 
  • මූලික ප්‍රතිසංස්කරණයක ලෙස ද්විතීයික අධ්‍යාපන ආයතන ජන ව්‍යාප්තිය අනුව විසුරුවා හැරිය යුතුයි. ඉන් පසු ජන සංගණන සහ සංවර්ධන ව්‍යාපෘති අනුව එක් ප්‍රදේශ වලට අවශ්‍ය ද්විතීයික අධ්‍යාපන ආයතන ප්‍රමාණය නිර්ණායකය කල හැක 
  • විශාල ද්විතීයික අධ්‍යාපන ආයතන ඇති කිරීම මගින් සම්පත් මධ්‍ය කරණය කිරීමටත්, ඒ අනුව විවිධාකාර අවශ්‍යතා ඇති සිසුන් විශාල ප්‍රමාණයකට පහසුකම ලබා දීමටත් හැකියාව ලැබෙයි 

විශ්ව විද්‍යාල ප්‍රවේශය

  • විශ්ව විද්‍යාල ප්‍රවේශයට වයස බාධාවක් නොවිය යුතුයි 
  • විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය (AL)වලට වයස හෝ උත්සාහ කරන වාර ගණන බාධාවක් නොවිය යුතුයි

සියලු ම පුරවැසියන්ට තමන් කැමති විශය දහරාවක/ක්ශේස්ත්‍රයක ද්විතීයික සහ උසස් අධ්‍යාපනය ලැබීමට ඇති හැකියාව

  • ප්‍රාථමිකද්විතීයික සහ උසස් අධ්‍යාපනය යන සියලු මට්ටම් වල පුද්ගලික ආයතන රජයේ පූර්ණ අධීක්ෂණය යටතෙ පවත්වා ගෙන යෑමට ලබා දිය යුතුයි 
  • එම පෞද්ගලික ආයතන රජය මගින් ලබා දෙන ප්‍රමුකතා ලැයිස්තුවක් අනුව යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ළබා දිය යුතුයි. උදාහරණයක්  ලෙස, සෑම පුද්ගලික අධ්‍යාපන ආයතනයක්ම රජයෙ ප්‍රමුකතා ලැයිස්තුව අනුව 20සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කල යුතු ලෙස නීති සකස් කිරීමට පුළුවනි.
  • මෙලෙස මරජයෙ අධ්‍යාපන ආයතන වලදි, එම අධ්‍යාපන ආයතනයෙ ශිෂ්‍යයින්ගෙන් 20ක්අවශ්‍ය මූලික සුදුසුකම් සපුරන නමුත් තරගකාරී මට්ටමෙන් නො තේරෙන (රජයෙ ලැයිස්තුව අනුව ඉඩ නො ලැබෙනශිෂ්‍යයින් සඳහා මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. 
  • වෛද්‍යඉංජිනේරුගණකාධිකාරී, නීතිඥ වැනි වෘත්තීය වලට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් අදාළ වෘත්තිය ආයතනය විසින්විශ්ව විද්‍යාල පද්ධතියට පරභාහිරව ඇති කරන වෘත්තීය පුහුණු සහ සහතික කිරීමෙ ක්‍රමවේදයක් අනුව සිදු කල යුතුයි. (උදාහරණයක් හැටියට, පරිවාසික පුහුණු අවශ්‍යතා සැලසීම වෛද්‍ය සභාවේ වගකීමක් විය යුතුයි.)  
  • අදාළ මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති ඕනෑම පුද්ගලයකු එම වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි පරිදි නීති සම්පාදනය විය යුතුයි 

ගුරු වෘත්තියට තරඟකාරි වැටුපක් සහ වෘත්තිකයන්ගේ ප්‍රමිතිය 

  • සියලු ම ගුරුවරුන් අඩුම වශයෙන් අදාළ විශය සම්බන්ධව රජයෙ මගින් සහතික කරනු ලැබූ (SLQF) පාඨමාලාවක් සපුරා තිබිය යුතුයි. 
  • සියලු ම පූර්ණ කාලීන ගුරුවරු අවම වශයෙන් අධ්‍යාපනවේදී ඩිප්ලෝමාවක් සාර්ථකව නිම කල යුතුයිඑවැනි අධ්‍යාපනවේදී සහතිකයක් නැතිව පූර්ණ කාලීන ගුරු වෘත්තියේ යෙදීම තහනමට ලක් විය යුතුයි. 
  • රජය මගින් ප්‍රාථමික ගුරු වෘත්තිය ආයතනයක් සහ ද්විතීයික ගුරු වෘත්තිය ආයතන (වෛද්‍ය සභාවට සමානඇති කල යුතු ය. එම ආයතන අදාළ ගුරු වෘත්තිකයන්ගේ වෘත්තීය ප්‍රමිතිය, කුසලතා සහ පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා වග විය යුතුයි.  සියලු රජයෙ සහ පුද්ගලික අංශයෙ ගුරුවරු මෙම සංවිධාන වල සාමාජිකයන් විය යුතුයි 
  • එම ආයතනය මගින් විවිධ විෂයන්සහ ශිෂ්‍ය කණ්ඩායම්වලට ඉගැන්වීමට අවශ්‍ය අවම සුදුසුකම් ප්‍රමිති ගත කල හැක. 
  • ගුරු වෘත්තිය, රජයේ සේවයෙන් ඉවත් කොටවිශේෂිත සේවා කාණ්ඩයකට ගෙන ආ යුතුයිගුරු සේවයෙ යෙදෙන පුද්ගලයින් රජය මගින් නියාමනය කරන contributory pension ක්‍රමයකට එකතු කල යුතු ය (EPF නොවේ).  මෙම pension ක්‍රමය මගින් ගුරුවරුන් රජයේ සේවයේ ගත කල කාලයට සහ පඩියටcontribution)  සමානුපාතික වන විශ්‍රාම වැටුපක් ලැබීමට හැකියාව ලැබිය යුතු යමේ මගින් ගුරුවරුන් ට රජයෙ සහ පුද්ගලික අංශයෙ පාසල් අතර හුවමාරු වීමට හැකියාවක්  ලැබෙනු ඇතමෙය ගුරු වැටුප් වල තරගකාරීත්වය ඉහල දැමීමට විශාල පිටිවහලක් වනු ඇත. 
  • ගුරු වෘත්තිය පැය සාමාන්‍ය සේවාව මෙන් පැය අටේ සේවාවක් සතියේ දින පහ (මුලු වසරේ ම)  ඇති කොට, පාසල් නිවාඩු කාලය වෘත්තීය නිපුණතාව දියුණු කිරීමට භාවිතා කළ යුතුයි 
  • රජයෙ ගුරුවරුන් ගෙ ගෙ වැටුප පුද්ගලික අංශයෙ වැටුප් සමග සමපාත කිරීමෙ ක්‍රමවේදයක් නීති ගත කොටසෑම වසර තුනකට වරක් ගුරු වැටුප් සංශෝධනය කල යුතුයි. 
  • ගුරුවරුන් සඳහා නව තාක්ෂණය භාවිත කොට, දැනට පවතින පුනරාවර්තනය වන වැඩකටයුතු වලින් ඉවත් කොටවෘත්තීය දියුණුව සඳහා වන වැඩකටයුතු වලට මූලිකත්වය ලබා දිය යුතුයි

නිත්‍ය විශය නිර්දේශ ප්‍රතිසංස්කරණ  

  • නූතන තාක්ෂණයරටේ සංවර්ධන අවශ්‍යතාශිෂ්‍ය ප්‍රතිඵලසහ ගුරුවරුන්ගේ අදහස් මත සකස් වූ, ක්‍රමවේදයක් මත සැම විටම ප්‍රතිසංස්කරණය වන විශය නිර්දේශයක් ඇති කිරීමට දැනට ඇති ආයතන වඩා සවිමත් කල යුතුයි 
  • එහි දී රටේ සංස්කෘතිය, සංවර්ධන අවශ්‍යතා මුල් කර ගත් විශය නිර්දේශ නිර්මාණය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම වඩා වේගයෙන් ඇති කිරීමෙ ක්‍රමවේදයක් ඇති කල යුතුයි 
  • සියලු ම විශයන් වල විශය නිර්දේශ සෑම වසර පහකට වරක් පූර්ණ ප්‍රතිසංස්කරණයකට පත් කිරීම අනිවාර්ය කල යුතුයි

පුද්ගලාරෝපිත අධ්‍යාපන ප්‍රතිලාභ සමාජාරෝපිත ප්‍රතිලාභ බවට වෙනත් කිරීම 

  • අද ලංකාවෙ සමාජය තුළ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තෙ පුද්ගල අවශ්‍යතා පදනම් කර ගෙනයිඑහි දී පුද්ගලයන් දොස්තර කෙනෙකු කිරීමඉංජිනේරුවෙකු කිරීමවැනි අභිමතාර්ථයන් මත සකස් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇත. නමුත් රටේ ආර්ථික සහ සමාජීය දියුණුව ට අවශ්‍ය විශයන් සහ සුදුසුකම් රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුලට ඇතුළත් කිරීමට අපි තවම අපොහොසත් වී ඇත. 
  • උදාහරණයක් හැටියට බොහොමයක් ජනතාවට මුලික දේශපාලන සාක්ෂරතාවක් නැත. පාර්ලිමේන්තුවපාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ඇමති වරයෙක්ජනාධිපතිවරයාගේ කාර්ය භාරය සහ ඔවුන්ගේ බලතල පිලිබදව මූලික අවබෝධයක් සාමාන්‍ය ඡන්ද දායකයාට නැතඅපගේ අධ්‍යාපන ක්‍රමය එම සාකශරතාවය ලබා දෙන බවක් නො පෙනේ 
  • රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියවිශය ධාරාව සහ සම්පත් භාවිතය පුද්ගල දියුණුව මත නොව රටේ අවශ්‍යතා මත නැවත නැවතත් වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් සම්පාදනය කල යුතුයි 
  • උදාහරණයක් ලෙස රටේ ඉංජිනේරුවන් ඉංග්‍රීසියෙන් ඉගෙනීම නිසා වෙනත් රටවල් වලට සංචරණය වීම වැඩියි නම් ඉංජිනේරු විශය සිංහලෙන් උගන්වන පාඨමාලා ප්‍රමාණය වැඩි කල් හැකියි. මෙවැනි ප්‍රතිපත්ති පුද්ගලික අරමුණු අභිභවා සමාජීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැදගත් වේ.
මේ ලිපියෙන් සාකච්ඡා කරන්නෙ අධ්‍යාපනයෙ වේද පිළිබඳ හසලයෙකු නොව, සාමාන්‍ය පුරවැසියෙකු ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තෙ කෙසේ දැයි සිතන ආකාරයයි.  මෙහි ඇති අදහස් පිළිබඳ අදහස් සහ විවේචන ඉදිරිපත් කරන්නේ නම් අදාළ විශය පිළිබඳ ව යම් සංවාදයක් ඇති කිරීමට එය ඉවහල් වනු ඇත 

I wrote my mind... what does your mind say?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.